ඖෂධ වර්ග රැසකට පාලන මිලක්

Date:

ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති බවත් ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

ඒ අනුව, අදාළ ගැසට් නිවේදනය මගින් ඖෂධ වර්ග 350ක පාලන මිල නියම කරන බවත් එම ගැසට් නිවේදනයට අනුගත නොවන අයට නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද, මෙම නිවේදනය මගින් දැනට ලියාපදිංචි වී ඇති සහ ඉදිරියේදී ලියාපදිංචිය සිදු වන්නාවූ ඖෂධ සඳහාද මෙම නිවේදනය අදාළ බව ද අමාත්‍යවරයා වැඩිදුර සඳහන් කළේය..

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“අපි ඉදිරිපත් කළ අලුත් ගැසට් නිවේදනය අනුව මෙතැන් සිට ලියාපදිංචි කරන ලද සියලුම ඖෂධවල මිල අඩු වෙනවා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කරන්න ගත්තට පස්සේ ලියාපදිංචි කරන ලද ඖෂධ සම්බන්ධයෙන් තමයි ඔය ඉලක්කම නිකුත් කරලා තියෙන්නේ. ඒ අනුව ලියාපදිංචිය සිදුවන කාලසීමාවට තව වැඩි කාලයක් ගත වෙන්නෙ නෑ. තව මාස කිහිපයක් ගත වන විට ලංකාවේ භාවිතා කරන සියලුම ඖෂධ පාහේ ලියාපදිංචි කිරීමේදී මෙම මිල සූත්‍රයට අනුව තමයි ලියාපදිංචිය සිදු වන්නේ”

“ගැසට් නිවේදනය නිකුත් කරලා ඉදිරියේදී ඒ මිල ගණන් පිළිබදව ජනතාවට දැනුම් දෙන්නත් ඒ අනුව කටයුතු නොකරන අයට නීතිය ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා”

එලෙසම ඉදිරියේ දි තවත් ඖෂධ වර්ග රැසක් සඳහා පාලන මිලක් නියම කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසා තිබේ.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ ඖෂධ වර්ග 350ක් සදහා මේ වන විටත් පාලන මිලක් නියම කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට

මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...