මෙරට ලාදුරු රෝගීන්ගෙන් 10%ක්ම දරුවන්

Date:

වසරකට මෙරටින් ලාදුරු රෝගීන් 1500ක් පමණ හමුවන බවත් ඉන් සියයට දහයක්ම (10%) වයස අවුරුදු 15ට අඩු දරුවන් බවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ වෛද්‍ය යසෝමා වීරසේකර පැවැසුවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.

ලෝක ලාදුරු දිනය ලබන 25 වැනිදාට යෙදී තිබෙන අතර එය නිමිති කරගෙන පැවැත්වෙන ‘අත්වැල් බැඳගමු ලාදුරු දුරලමු’ මැයෙන් ලාදුරු දුරලීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

1995 වසරේදී මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන පරිදි ලාදුරු රෝගය තුරන් කර දැමීමට සමත් වුවද වසරකට ලාදුරු රෝගීන් 1500ක් පමණ හමුවන බවත් 2030 වසර වන විට ලාදුරු රෝගයට දරුවන් ගොදුරුවීම ‘බිංදුව’ දක්වා අඩුකිරීම ඉලක්කය බවත් ඇය සඳහන් කළාය.

ලාදුරු රෝගීන්ගෙන් සියයට හතළිහක් (40%) වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවද ඊට අමතරව වැඩිම රෝගීන් පිරිසක් හමුවන දිස්ත්‍රික්ක ලෙස මඩකලපුව, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, රත්නපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කය හඳුනාගෙන ඇතැයිද ඇය කීවාය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්කවලින් ලාදුරු රෝගීන් හමුවන බවද ඇය පෙන්වා දුන්නාය.

බැක්ටීරියාවක් නිසා ලාදුරු බෝවන අතර රෝගී පුද්ගලයකුගේ කෙළ, සෙම බිඳිති හරහා නිරෝගී පුද්ගලයකුටද එය බෝවන බවත් එහෙත් ප්‍රතිකාර ලබා ගන්නා අයගෙන් එකී බෝවීම සිදු නොවන බවත් ඇය පැහැදිලි කළාය. රජයේ රෝහල්වලින් නොමිලේ ඖෂධ ලබාදෙන අතර ශරීරයේ සංවේදීතාව අඩුවීම, සමේ ළා පැහැති පැල්ලම් රෝග ලක්ෂණ​ වේ. 2036 වසර වනවිට ලාදුරු රෝගය රටින් තුරන් කිරීම ඉලක්කය යැයි වැඩබලන අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...