දිස්ත්‍රික්ක 7කට නායයාමේ පූර්ව අනතුරු ඇගවීමක්

Date:

පවතින අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක් සදහා අද (14) රාත්‍රි 9.00 වනතෙක් බලපාන පරදි නායයාමේ පූර්ව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරනගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , මහනුවර දිස්ත්‍රික්කයේ දොලුව, උඩුදුම්බර , යටිනුවර, මැදදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල , යටියන්තොට , මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම , බිබිළ , නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ,ඕපනායක, කිරිඇල්ල , වැලිගෙපොළ , පැල්මඩුල්ල , කොලොන්න , කහවත්ත , රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා මෙලෙස නායයාමේ පූර්ව අනතුරු ඇගවීමේ පනිවිඩ නිකුත් කර තිබේ.

මෙම නායයාමේ පූර්ව අනතුරු ඇගවීමේ පනිවිඩය ඊයේ (13) රාත්‍රි 9.00 සිට අද 14 රාත්‍රි 9.00 වනතෙක් වලංගු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...