කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

Date:

ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව විනය පිටකයට අනුව පරාපික වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා නොමැති අතර ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සිය සංඝ සභාවට අයත් වගකීමක් බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, උන්වහන්සේට සිවුරෙන්ම පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස ලෙසය.

අධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව හෝ අධිකරණයේ උත්තරීතරභාවය පිළිබඳව කිසිදු විරෝධයක් නොදක්වන නමුත්, බන්ධනාගාරය තුළදී ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව සිය අවධානය යොමුව ඇති බවද මෙහිදී උන්වහන්සේ සඳහන් කර සිටී.

භික්ෂුවකට සිවුර පෙරවීම හෝ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ අදාළ භික්ෂුවට සහ උන්වහන්සේ අයත් මහා සංඝ සභාවට පමණක් වන බවද මෙම ලිපිය හරහා උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එය අප රටේ දැනට තහවුරු වී ඇති ක්‍රම වේදයට අනුව අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන්ම සිදුවිය යුතු ශාසනික කාර්යයක් බවද මෙහිදී උන්වහන්සේ අවධාරණය කර සිටී.

එමෙන්ම ශාසනික නීතියට අනුව ඔහුගේ සිවුර පොරවා සිටීම හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන්ම අදාළ භික්ෂුව පිටතට රැගෙන එන හැම අවස්ථාවකම ඔහුට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබාදීම මෙතෙක් ශාසනිකව හා අධ්‍යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්‍රදායික නීතියක් බවත් එය නොසලකා හැරීම ශාසනයට ලබාදෙන වැරදි පූර්වාදර්ශයක් බවත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...