පාලන මිල නොතකා කීරි සම්බා මිල ඉහළට

Date:

වෙළෙඳ පොළේ කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කීරි සම්බා කිලෝවක පාලන මිල රුපියල් 260 ක් වුවද,එම මිලට කීරි සම්බා අලෙවි කිරීමට නොහැකි බව වෙළෙන්දෝ පවසති.

කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 300 ත් 325 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයිද වෙළෙන්දෝ පවසති.

කෙසේ නමුත්,පාලන මිලට කීරි සම්බා අලෙවි කිරීමට නොහැකි නිසා වෙළෙඳසල් තුළ කීරි සම්බා සහල් තොග සඟවා,හිතවත් පාරිභෝගිකයන්ට පමණක් කිලෝවක් රුපියල් 350 බැගින් බිල්පත් රහිතව අලෙවි කරන බවද වෙළෙඳ පොළ ආරංචිමාර්ග කියයි.

වෙළෙඳසල් හිමියන් කීරි සම්බා සහල් අලෙවි කිරීමේදී කිලෝවකින් රුපියල් 25 ත් 30 ත් අතර ලාභයක් උපයන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර...

වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ...

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...