වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයිනට අධි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් ක්ෂණිකව ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (08) උදෑසන පවතින කාලගුණය පිළිබඳ අනාවරණය කෙරෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, පවතින කාලගුණ පුරෝකථන අනුව දිස්ත්‍රික්ක කිහිපයක ගංවතුර අවදානමක් ඇතිවීමට ඉඩ ඇති බවය.

විශේෂයෙන් අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ උතුරු ප්‍රදේශවලට තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් ඇති වුවහොත් ප්‍රධාන ගංගාවන් නොමැතිව වුවද ඉදිරියේ දී ගංවතුර තත්ත්වයක් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇති බවද පැවසු ඒ මහතා ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද පැවසීය.

කෙසේ නමුත් මේ වනවිට බොහෝ ජලාශවල අවදානම් මට්ටමට වඩා පහළ ජලමට්ටමක් පවතින බවත් පැවසු ඒ මහතා, වාරිමාර්ග ගණනය කිරීම් අනුව සමස්ත ජලාශවල ජල ධාරිතාවයෙන් 80% – 90% ත් අතර ප්‍රමාණයක් ගනු ලබන බවද සඳහන් කළේය.

මේ වනවිට විශේෂයෙන් නැගෙනහිර, උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, දකුණ සහ ඌව පළාත ආවරණය වන ජලාශවල වාන් දැමීම සිදුවෙන බවත් ප්‍රධාන ජලාශ 73න් 25ක් වාන් දමමින් පවතින අතර, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 24ක් මේ වනවිට වාන් දමමින් පවතින බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා කියා සිටියේය.

මෙහිදී සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඊයේ (07) සහ අද (08) දින වාන් දොරටු විවෘත කර ජලාශවල සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් පවත්වාගෙන ගියද තීව්‍ර වර්ෂාපතනයක් ඇති වුවහොත් තවදුරටත් වාන්දොරටු විවෘත කිරීමට සිදුවන බවය.

මේ අතර මහවැලි ජලාශ 6ක් මේ වනවිට වාන් දමනින් පවතින අතර, ලොග්ගල්ඔය, හෑපොළ, මාඳුරුඔය, කණ්ඩලයම, කලාඔය සහ කළුගඟ ඒ අතර වේ.

මහවැලි අධිකාරියට සම්බන්ධ ජලාශවල 95%ක පමණ ජල ධාරිතාවයක් ඇති අතර, කොත්මලේ ජලාශයේ ජල ධාරිතාවය 59%ක් වන බව මහවැලි කළමනාකරණයේ අධ්‍යක්ෂ, ජල කළමනාකරණ නිලන්ත ධනපාල මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...