වාහන ආනයන‍යෙන් රජයට විශාල වාසියක්

Date:

රජය වාහන ආනයනය කිරීමට නැවත අවසර දීමෙන් පසු මේ වන විට මෙරටට වාහන හාරලක්ෂ පනස්එක්දහස් හත්සිය හැත්තෑවක් (451770) ආනයනය කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී ඊයේ (20 වැනිදා) අනාවරණය විය. එලෙස ආනයනය කර තිබෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව 22407ක් වන අතර යතුරුපැදි සංඛ්‍යාව 313989ක් වෙයි.

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 463ක අමතර බදු ආදායමක් රජයට ලැබී තිබේ. රජය අපේක්ෂා කර ඇති බදු ආදායම රුපියල් බිලියන 441ක් වන අතර ලැබී තිබෙන බදු ආදායම රුපියල් බිලියන 904කි. එම බදු ආදායම වර්ගීකරණය කිරීමේදී රේගු අධිභාරය ලෙස රුපියල් බිලියන 66ක් අපේක්ෂා කර ඇති අතර ලැබී ඇති එම අධිභාරය රුපියල් බිලියන 147කි. එමෙන්ම එකතු කළ අගය මත බද්ද ලෙස රුපියල් බිලියන 234ක් ලැබී තිබේ. රජය අපේක්ෂා කර ඇති එම බද්ද රුපියල් බිලියන 132ක් වෙයි. නිෂ්පාදන බද්ද ලෙස අපේක්ෂා කළ රුපියල් බිලියන 230 වෙනුවට රුපියල් බිලියන 461ක් ලැබී තිබේ. අපේක්ෂිත හිමිකම් ගාස්තු රුපියල් බිලියන 1ක් වූ නමුත් බිලියන 2ක් ලැබී තිබේ.

තවද සුඛෝපභෝගී බද්ද ලෙස රජය අපේක්ෂා කර ඇත්තේ රුපියල් බිලියන 10කි. එම බද්ද ලෙස රුපියල් බිලියන 55ක් ලැබී ඇත. එමෙන්ම වරාය හා ගුවන්තොටුපළ බද්ද ලෙස රුපියල් බිලියන 2ක් අපේක්ෂා කර තිබෙන අතර බිලියන 4ක් ලැබී තිබේ. මේ බව අනාවරණය වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන ඇසූ ප්‍රශ්නයකට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර දුන් පිළිතුරකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල...

පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව...

ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා...

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp දැමූ තරුණයාට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය...