බන්ධනාගාර තදබදය නිසා අපරාධ චෝදනා නැති මත්ද්‍රව්‍යලෝලීන් සිරගත කිරීම සීමා වෙයි

Date:

බන්ධනාගාරවල තදබදය අඩුකිරීම සඳහා මින් ඉදිරියට මත්ද්‍රව්‍ය සුළු වශයෙන් පාවිච්ච කරන තැනැත්තන් රිමාන්ඩ් භාරයට පත් නොකර පුනරුත්ථාපනයට ඍජුවම යොමු කිරීම සදහා රජයේ ඉහළ නිලධාරීන් සලකා බලමින් සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ මත්ද්‍රව්‍ය නාශක වැඩසටහන වන රටම එකට වැඩසටහන යටතේ මේ වනවිට මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා විවිධ යෝජනා ක්‍රම සලකා බලමින් සිටින අතර ජාවාරම්කාරයන් පමණක් සිරභාරයට පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත්තේ ඒ අනුවය.

පුනරුත්ථාපන මධ්‍යස්ථාන විශාල වශයෙන් රට තුළ නොමැති නිසා වෛද්‍යවරුන්ට මෙම මත්ද්‍රව්‍ය ලෝලීන් ඉදිරිපත් කර නිවසේ සිට පුනරුත්ථාපනය කළ හැකි අය නිවෙස් වල සිටද සෙසු අය පුනරුත්ථාපන මධ්‍යස්ථානවලද පුනරුත්ථාපනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ .

අපරාධ වලට යොමු වී නැති එහෙත් මත්ද්‍රව්‍ය සඳහා පමණක් ඇබ්බැහි වී සිටින පිරිස් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම මෙම වැඩසටහනේ අරමුණය.

මෙම කටයුතු පහසු කිරීම සඳහා මේ වනවිට පුනරුත්ථාපන අධිකාරිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...