මෙරට ස්වර්ණාභරණ වෙළෙඳ පොළේ කැරට් 24 රත්තරන් පවුමක මිල ඊයේ (22 වැනිදා) දිනයේදී රුපියල් 381,000 ක් ලෙස වාර්තා විය.
පෙරේදා (21 වැනිදා) දිනයට සාපේක්ෂව කැරට් 24 රන් පවුමක මිල ඊයේ (22 වැනිදා) දිනයේදී රුපියල් 4,000 කින් පහත වැටී ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්‍රමනියම් පැවසීය.
ඊයේ දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 352,400 ක් ලෙස වාර්තා විය. ඉකුත් 19 වැනිදා කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 368,000 ක් විය.




