මැණික් ආනයනකරුවන්ට සහනයක්

Date:

මෙරට මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය සදහා අවශ්‍ය රළු මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

අදාළ ක්ෂේත්‍රයේ පිරිස් සඳහා සහන ලබා දීමේ අරමුණින් හා මැණික් අපනයන කර්මාන්තයෙන් ඉලක්ක ගත ඩොලර් බිලියන 01ක වාර්ෂික ආදායම සපුරා ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද එම අධිකාරය සඳහන් කර සිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදහස් දක්වමින් එහි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙය මැණික් ආනයනකරුවන්ට විශාල සහනයක් වනු ඇති බවය.

ඒ සම්බන්ධයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති එස්.පී චමින්ද මහතා,

”මැණික් ආනයනය කිරීමේ දී පනවනු ලබන වැට් එක අපි කැල්කියුලේට් කරන ක්‍රමය වෙනස් කරලා ආනයනය කරන පුද්ගලයින්ට එදාට වඩා ලොකු සහනයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අපේ අලුත් ප්‍රපෝසල් එක අනුව ගෙන එන එක පාර්සල් එකකට නිශ්චිත අගයක් අපි ලබා දෙනවා. පිටරටින් ගේන අනගි මැණික් ඒ කියන්නේ රූබීස්, ශපායා, එමරල් වගේ කාණ්ඩයේ මැණික් අපි ගේනකොට කිලෝඑකක වටිනාකම අපි ඇසිටිමේට් කරනවා ඩොලර් 900ක් විතර.. ඒ ඩොලර් 900ට තමා වැට් එක හැදෙන්නේ.. ඩොලර් 200 කියන කස්ටම් චාර්ජ් එකත් අපි මේ ක්‍රමයෙන් ඉවත් කරලා තියෙනවා.’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...