මැණික් ආනයනකරුවන්ට සහනයක්

Date:

මෙරට මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය සදහා අවශ්‍ය රළු මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

අදාළ ක්ෂේත්‍රයේ පිරිස් සඳහා සහන ලබා දීමේ අරමුණින් හා මැණික් අපනයන කර්මාන්තයෙන් ඉලක්ක ගත ඩොලර් බිලියන 01ක වාර්ෂික ආදායම සපුරා ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද එම අධිකාරය සඳහන් කර සිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදහස් දක්වමින් එහි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙය මැණික් ආනයනකරුවන්ට විශාල සහනයක් වනු ඇති බවය.

ඒ සම්බන්ධයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති එස්.පී චමින්ද මහතා,

”මැණික් ආනයනය කිරීමේ දී පනවනු ලබන වැට් එක අපි කැල්කියුලේට් කරන ක්‍රමය වෙනස් කරලා ආනයනය කරන පුද්ගලයින්ට එදාට වඩා ලොකු සහනයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අපේ අලුත් ප්‍රපෝසල් එක අනුව ගෙන එන එක පාර්සල් එකකට නිශ්චිත අගයක් අපි ලබා දෙනවා. පිටරටින් ගේන අනගි මැණික් ඒ කියන්නේ රූබීස්, ශපායා, එමරල් වගේ කාණ්ඩයේ මැණික් අපි ගේනකොට කිලෝඑකක වටිනාකම අපි ඇසිටිමේට් කරනවා ඩොලර් 900ක් විතර.. ඒ ඩොලර් 900ට තමා වැට් එක හැදෙන්නේ.. ඩොලර් 200 කියන කස්ටම් චාර්ජ් එකත් අපි මේ ක්‍රමයෙන් ඉවත් කරලා තියෙනවා.’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක හා රියාද් අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී

මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී තිබෙන යුධමය වාතාවරණය යටතේ ,...

වසරේ නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්...

මෙට්‍රෝ බස් රථ අනතුර හේතුවෙන් පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස්...

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් හැටන් තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදි ලේ...