17 හැවිරිදි දරුවාට යතුරුපැදියක් ලබා දුන් දෙමව්පියන්ට දඩ

Date:

ආදායම් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය නොමැතිව හා පොලිස් අණ නොතකා යතුරුපැදියක් පැදවීමේ චෝදනාවට වරදකර වූ දාහත් හැවිරිදි පාසල් සිසුවකු හට තරයේ අවවාද කළ ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාන එකී සිසුවාගේ දෙමව්පියන් හට රුපියල් 70,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

මෙවැනි පාසල් සිසුන් හට වාහනයක් ලබාදීම මගින් දෙමාපියන් බලවත් වරදක් සිදුකර ඇති බවත්, එම ක්‍රියාව මගින් මහමග ගමන් කරන ජනතාවට මෙන්ම එම සිසුවාට ද අනතුරුදායක තත්ත්වයක් උද්ගත විය හැකි බැවිනුත්, ඉදිරියේදී මෙවැනි අනතුරුදායක තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගත යුතු බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා දෙමාපියන්ට අවවාද කළේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සිසුවාගේ දෙමව්පියන් මෙම වරද සිදුකර ඇති බවත්, එබැවින් දඩ මුදල දෙමව්පියන් විසින් ගෙවිය යුතු බවටත් අවවාද කර සිටියේය.

ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ සැරයන් 950 සිසිර පැමිණිල්ල ඉදිරිපත් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...