යුද්ධමය තත්වය අවසන්වන තුරු තෙල්වලට QR

Date:

මැදපෙරදිග යුදමය වාතාවරණය අවසන් වී තත්ත්වය යහපත් වන තුරු මෙරට ඉන්ධන බෙදා හැරීම QR කේත ක්‍රමයට අනුව සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ ඊයේ [15 වැනිදා] අප කළ විමසුමකදී පැවසුවේ මෙම ක්‍රමය දිගු කාලයක් යනතෙක් වෙනස් නොවුණ ද QR කේත ක්‍රමයට අනුව ලබාදෙන ඉන්ධන කෝටාව වෙනස් විය හැකිය බවය.

මෙම කෝටාවට අනුව ලබාදෙන ඉන්ධන ලීටර් ප්‍රමාණය ඉහළ යෑමට හැකි බවද ඔහු කියා සිටියේය.

ලබන අප්‍රේල් මාසයේ අග වන තුරු රටට අවශ්‍ය ඉන්ධන තොග ඇති නමුත් තෙල් හැංඟීම, අනවශ්‍ය ලෙස මිලදී ගැනීම, ජනතාව බිය වැද්දීම ආදිය නතර කිරීම සඳහා ඊයේ (15 වැනිදා) සිට QR කේතය හඳුන්වා දුන් බව ඔහු පැවසුවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ QR කේත ක්‍රමයට අනුව ඉන්ධන ලබාදීම නිසා ඉන්ධන සුරක්ෂිතාවය ඇතිකරගත හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...