ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

Date:

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයකට අද (05) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ බව ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) වාර්තා කළේය.

එය අද අලුයම 4:17ට පමණ සිදුව ඇති අතර එහි කේන්ද්‍රය (Epicentre) ඇසෑම්හි මොරීගාඕන් (Morigaon) දිස්ත්‍රික්කය අසල වාර්තා වී ඇත.

මධ්‍යම ඇසෑම්හි මොරීගාඕන් සහ අවට දිස්ත්‍රික්කවලට මෙහි කම්පන දැඩි ලෙස දැනී තිබේ.

කෙසේ වෙතත්, මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් සඳහන් කර සිටී.

ඇසෑම් ඇතුළු ඊසානදිග ඉන්දියාව අයත් වන්නේ රටේ වඩාත්ම සංවේදී භූ කම්පන කලාපයට (Seismic Zone V) බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...