කෙසේ හෝ ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බව ට්‍රම්ප් කියයි

Date:

‘පහසුවෙන්’ නොහැකි නම් ‘අපහසුවෙන්’ හෝ ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට තමන් ඉදිරිපත් නොවුණහොත් අනාගතයේදී රුසියාවට හෝ චීනයට එය අත්පත් කරගත හැකි බවය.

“පහසුවෙන් ග්‍රීන්ලන්ත භූමිය අත්පත් කර ගැනීමේ ගිවිසුමට එළැඹීමට නොහැකි නම්, දුෂ්කර ආකාරයෙන් එය කිරීමට සිදුවෙනවා” ට්‍රම්ප් පවසයි.

“ඔවුන් කැමති වුණත් නැතත් අපි ග්‍රීන්ලන්තයේ යමක් කරන්න යනවා. අපි එය නොකළොත් රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තය අත්පත් කර ගනීවි. අපට රුසියාව හෝ චීනය අසල්වැසියෙක් කරගන්න ඕන නෑ” ට්‍රම්ප් ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට පැවසීය.

කෙසේ නමුත් ග්‍රීන්ලන්ත පක්ෂ විපක්ෂ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, තමන්ට අමෙරිකානුවෙක් වීමට අවශ්‍ය නොමැති බවය.

එමෙන්ම ඩෙන්මාර්ක ජාතිකයෙක් වීමට අවශ්‍ය නොමැති බවත් ඔවුන් පවසයි.

“අපි ග්‍රීන්ලන්ත ජාතිකයන් වීමට කැමතියි. ග්‍රීන්ලන්තයේ අනාගතය ග්‍රීන්ලන්ත ජනතාව විසින් තීරණය කළ යුතුය” අදාළ ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වේ.

ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක පාලනය යටතේ පවතින රටක් වුවද, එරටට අනන්‍ය වූ ස්වාධීන පාලනයක් එහි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...