කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Date:

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60ක් දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

මීගමුව සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද නිවේදනයේ සඳහන් වෙයි.

මෙම වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රල ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතී.

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට අයත් කොළඹ බංගලා 7ක් බදු දීමට සැලසුම්

කොළඹ රජයේ බංගලා හතක් ආර්ථික වශයෙන් උපයෝගී කර ගැනීම...

හෝමූස් වැසීමෙන් ශ්‍රී ලංකාවට වාසියක්

මැදපෙරදිග ඇවිළී ඇති යුධ ගැටුම හේතුවෙන් වසා දමා ඇති...

මුහුදු ප්‍රදේශවල රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්

පුත්තලම සිට ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා...

ඩෙංගු මර්දන රාජකාරී වලින් PHIලා ඉවත්වෙයි

අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී...