මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ අවධානමක්

Date:

ගංවතුර හා මෝසම් වර්ෂාවෙන් පසු මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගැනීමෙන් පසු සෞඛ්‍ය සේවා නිලධාරීන් ප්‍රදේශයේ වැටලීම් රැසක් මේ වනවිට සිදුකර ඇත.

නිවාස 400කට වැඩි ගණනක් ද මේ වනවිට පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී එම ප්‍රදේශයේ සිනමා ශාලාවකින් ඩෙංගු කීටයන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ චිත්‍රපට ශාලාවට එරෙහිව නඩුවක් පවරා ඇත.

මේ අතර ඩෙංගු උණ පැතිරීමේ ප්‍රවණතාවක් ඇති නිවාස හිමිකරුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බොහෝ ස්ථානවල නඩු පවරා රතු අනතුරු ඇඟවීමේ පත්‍රිකා ඇලවීමට ද කටයුතු කළ බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...