දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි

Date:

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, එම වාන් දොරටු හරහා තත්පරයට ඝන අඩි 5,600ක ජල ධාරිතාවක් පහළට මුදාහරිමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) සඳහන් කළේය.

ජලාශයේ ඉහළ පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ වාන් දොරටු විවෘත කර ඇති ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින්, දැදුරුඔය පහළ ප්‍රදේශවල දෙපස ජීවත් වන අවදානම් සහිත ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...