නොමිලයේ බෙදා හැරීමට ගෙන්වන රටඉඳි සඳහා බදු සහන

Date:

රාමසාන් උපවාස සමයේදී නොමිලයේ බෙදා හැරීමට ගෙන්වනු ලබන රටඉඳි සඳහා නොමිලේ බදු සහන ලබා දීම සඳහා ඉදිරිපත් වූ කැබිනට් යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙරව රාමසාන් උපවාස සමග 2026-01-19 දිනෙන් ආරම්භ වී එළැඹෙන වසරේ මාර්තු 31න් අවසන් වීමට නියමිතයි.

රාමසාන් උපවාස සමයේදී ඉස්ලාම් බැතිමතුන් විසින් විශේෂයෙන් ආහාරයට ගනු ලබන රටඉඳි ඔවුන්හට නොමිලයේ බෙදා හැරීම සඳහා වාර්ෂිකතව රාජ්‍ය තාන්ත්‍රිකව‍, සංවිධාන මට්ටමෙන් සහ පුද්ගල මට්ටමින් පරිත්‍යාග හෝ ත්‍යාග වශයෙන් ලබා දෙනු ලැබෙන අතර ඒවා විදේශ විනිමය වැය නොවන පදනමින් මෙරටට ආනයනය කළ යුතුව ඇත.

ඒ අනුව රාමසාන් උත්ුසව සමය තුළ පරිත්‍යාග සහ ත්‍යාග වශයෙන් මෙරටට ආනයනය කරනු ලබන රටඉඳි සඳහා බදු සහනයක් ලබා දීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...