යළිත් වරක් රේගුව තුළ ආනයනික බහාලුම් තදබදයක් ඇතිවිය හැකි බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි කියා සිටියේ.
උත්සව සමය ආරම්භයත් සමග ලබන 15 වැනිදායින් පසු ආනයනික බහාලුම් වැඩිවීම හමුවේ මෙම තදබදය මතුවිය හැකි බවයි ඔහු සඳහන් කළේ.
එසේම ආනයනික බහාලුම් නිෂ්කාශන මධ්‍යස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම ද ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නා.




