නීති කැඩූ වෙළදුන්ගෙන් වාර්තාගත ගත දඩ මුදලක්

Date:

පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් ව්‍යාපාර පවත්වාගෙන ගිය වෙළඳුන්ට එරෙහිව පැවරූ නඩු වලින් රුපියල් 85,87000 ක (අසූපන් ලක්ෂ අසූ හත්දහසක) මුදලක් දඩ වශයෙන් අය කර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය සමත් වූ බව එම අධිකාරී කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රදානී තුෂාර රෑනපාන මහතා කියයි.

පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල සඳහන් නොකිරීම ඇතුළුව අධිකාරි පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකයන් 989 දෙනෙකු සඳහා ඉකුත් මාස 09 ක කාලය තුළදී පැවරු නඩුවලින් එම දඩ මුදල් අය කරගෙන තිබෙන බවද ඒ මහතා කියයි.

මහනුවර, වත්තේගම, නාවලපිටිය, ගම්පොළ, කඩුගන්නාව, දිගන, තෙල්දෙණිය, පේරාදෙණිය ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදුකොට තිබේ.

පාරිභෝගිකයන් අසීරුතාවයට පත් කරමින් ව්‍යාපාර සිදුකරන ආයතන වැටලීම අඛණ්ඩව සිදුකරන බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කළුතොටාරච්චි මහතාගේ උපදෙස් පරිදි එම එකකගේ කාර්ය මණ්ඩලයේ මෙහෙයවීම මත මෙම වැටලීම් සිදුකොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...