නීති කැඩූ වෙළදුන්ගෙන් වාර්තාගත ගත දඩ මුදලක්

Date:

පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් ව්‍යාපාර පවත්වාගෙන ගිය වෙළඳුන්ට එරෙහිව පැවරූ නඩු වලින් රුපියල් 85,87000 ක (අසූපන් ලක්ෂ අසූ හත්දහසක) මුදලක් දඩ වශයෙන් අය කර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය සමත් වූ බව එම අධිකාරී කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රදානී තුෂාර රෑනපාන මහතා කියයි.

පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල සඳහන් නොකිරීම ඇතුළුව අධිකාරි පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකයන් 989 දෙනෙකු සඳහා ඉකුත් මාස 09 ක කාලය තුළදී පැවරු නඩුවලින් එම දඩ මුදල් අය කරගෙන තිබෙන බවද ඒ මහතා කියයි.

මහනුවර, වත්තේගම, නාවලපිටිය, ගම්පොළ, කඩුගන්නාව, දිගන, තෙල්දෙණිය, පේරාදෙණිය ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදුකොට තිබේ.

පාරිභෝගිකයන් අසීරුතාවයට පත් කරමින් ව්‍යාපාර සිදුකරන ආයතන වැටලීම අඛණ්ඩව සිදුකරන බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කළුතොටාරච්චි මහතාගේ උපදෙස් පරිදි එම එකකගේ කාර්ය මණ්ඩලයේ මෙහෙයවීම මත මෙම වැටලීම් සිදුකොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...