ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (05) උදෑසන පැමිණි ගුවන් මගී කාන්තාවකට, ගුවන්තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදු වී තිබේ.
අදාළ ගැබිණි කාන්තාව ඩුබායි සිට අද (05) උදෑසන මෙරටට පැමිණ ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම ගුවන් මගී කාන්තාව යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිට තිබේ.
එහිදී ඇයට දරු ප්‍රසූතිය සදහා පූර්ව ලක්ෂණ සහිත ප්‍රසව වේදනා ඇති වීමත් සමඟ ඇයව වහාම කටුනායක ගුවන් තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
එහිදී ඇය වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය මත පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබේ.
පසුව එම මව සහ බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.




