නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

Date:

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම යනු අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කිරීමට දරන පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව සැලකීමට ඉඩ ඇති බව එම ලිපියෙන් අවධාරණය කර ඇත.

දිගු කාලීන සැලසුමකින් තොරව එවැනි පියවරක් ඉදිරියට ගෙන යාම එම අධිකරණවල මෙන්ම විනිසුරුවරුන්ගේ ගෞරවයටද හානි කරනු ඇතැයි සිය විශ්වාස බව නීතිඥ සංගමය නිකුත් කළ ලිපියේ දැක්වේ.

තවද, වර්තමාන රජය එවැනි පියවරක් ඉදිරියට ගෙන යන්නේ නම් එය, අනාගත රජයන්ට ද අධිකරණමය කාර්යයන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිගු කාලීන සැලසුමකින් තොරව සංශෝධන හඳුන්වා දීම පිළිබඳ භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවද ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් අපරාධ මැඩලීමට FBI කණ්ඩායමක් මෙරටට

සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මඬලීමටත්, දේශසීමා ඉක්මවා...

කාවන්තිස්සගේ වටිනාකමෙහි තක්සේරු වාර්තාවක් උසාවිය ඉල්ලයි

මරණයට පත් කාවන්තිස්ස ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක්...

ධීවර සංස්ථාව මාළු මුදලාලිලාට කෝටි 50ක් ණයයි

මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගෙන් ලංකා ධීවර සංස්ථාව මිලදී ගත් මාළුවලට රුපියල්...

බොරතෙල් මිල තවදුරටත් පහළට

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට...