ජලය නොමැතිව බදුල්ලේ 8000කට අධික පිරිසක් පීඩාවට

Date:

එල්නිනෝ බලපෑමට ලක්ව ජල උප්පත් සිඳී යාම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2227 ක පුද්ගලයින් 8383 (අටදහස් තුන්සිය අසූ තුනක) කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය කන්දකැටිය බදුල්ල හල්දුම්මුල්ල රිදීමාලියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම තත්ත්වය තදින්ම බලපා ඇතැයිද පානීය ජලය ඇතුළු දෛනික අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීමට නොහැකිව ඔවුන් දැඩි අපහසුතාවයක සිටින බවද එම මධ්‍යස්ථානය හඳුනාගෙන තිබේ.

මේ හේතුව නිසා ජල මූලාශ්‍ර යථා තත්ත්වයට පත්වනතුරු බලපෑමට ලක්වූ ජනතාවට අඛණ්ඩව හා ආරක්ෂිතව පානීය ජලය ලබාදීම සඳහා ජල සම්පත් මණ්ඩලය පිරවුම්හල් මගින් හෝ සෞඛ්‍ය නිර්දේශයන් සහිත ජල මූලාශ්‍ර මගින් ජලය ලබා ගෙන බවුසර මගින් හෝ ප්‍රවාහන ටැංකි මගින් අවශ්‍යතා ඇති ප්‍රදේශවලට ජලය බෙදා හැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.

කෙසේ වෙතත් මෙය තාවකාලිකව විසඳුමක් වුවද ඉදිරියේදී ජල උල්පත් සංරක්ෂණය කර වර්ෂා ජලය රැස්කර තිබීමට සහ ජලය ගබඩා කිරීමට පහසුකම් වැඩි දියුණු කර ජල මූලාශ්‍රද වැඩිදියුණු කර මධ්‍ය හා දිගුකාලීන වැඩසටහනක් මේ වෙනුවෙන් කියාත්මක කිරීමට සැලසුම්කර ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...

22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

රිළව්, වඳු‍රෝ නිසා වාර්ෂිකව පොල් ගෙඩි මිලියන දෙසීයකට හානි

සත්ත්ව හානි හේතුවෙන් වාර්ෂිකව පොල් ගෙඩි මිලියන දෙසීයකට පමණ...