භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදහන්

Date:

පාකිස්තානයේ කරච්චි නුවර වෙරළට ඔබ්බෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදහන් වී තිබේ. ගුවන්යානය සොයා ගැනීම වෙනුවෙන් සෝදිසි මෙහෙයුමක් අඛණ්ඩව සිදුවන බව පාකිස්තානයේ ගුවන් සේවා නිලධාරීන් පවසයි.

බෝයිං 737 යානය අඟහරුවාදා දේශීය වේලාවෙන් 21:21 ට (GMT 16:21) වේගයෙන් පහළට බැස ගුවන් ගමනාගමන පාලකවරුන් සමඟ සම්බන්ධතා නැති වූ බව පාකිස්තාන ගුවන් තොටුපළ අධිකාරිය පැවසීය.
යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සිට කරච්චි බලා යමින් තිබුණි.

ගුවන් තොටුපළ අධිකාරිය පැවසුවේ එය වේගයෙන් පහළ බැසීමට මිනිත්තු කිහිපයකට පෙර සංචාලන පද්ධති ගැටළුවක් වාර්තා කළ බවයි.

ගුවන් තොටුපළ අධිකාරිය පැවසුවේ යානය කරච්චිහි පිහිටි පුද්ගලික භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගමක් වන K2 එයාර්වේස් සමාගමට අයත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...

බද්ධ නිවුන් දියණියන් දෙදෙනා සාර්ථකව වෙන් කල ඓතිහාසික ශල්‍යකර්මයක්

මෙරට සෞඛ්‍ය සේවාව සතු විශේෂඥ දැනුම, අතිනවීන වෛද්‍ය තාක්ෂණය,...

උප දුම්රිය ස්ථාන දෙකක් තාවකාලිකව වැසෙයි

පුත්තලම් මාර්ගයේ බංගදෙණිය හා මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි...