අශෝක රන්වලට ඇප

Date:

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක රන්වලට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා.

සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් හිටපු කතානායක අශෝක රන්වල අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ජාතික ජන බලවේගයේ බියගම ආසන ප්‍රධාන සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අසෝක සපුමල් රන්වල පැදවු ජීප්රථය කාන්තාවක් පැදවු මෝටර් රථයක හා යතුරු පැදියක ගැටී අනතුරක් සිදු වූයේ ඊයේ (11) රාත්‍රියේදීයි.

මේ අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත්, අනතුරට ලක්වූ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සමඟ කුඩා බිළිඳකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

අන්තරාදායක රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම යන ‍චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...