අශෝක රන්වලට ඇප

Date:

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක රන්වලට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා.

සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් හිටපු කතානායක අශෝක රන්වල අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ජාතික ජන බලවේගයේ බියගම ආසන ප්‍රධාන සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අසෝක සපුමල් රන්වල පැදවු ජීප්රථය කාන්තාවක් පැදවු මෝටර් රථයක හා යතුරු පැදියක ගැටී අනතුරක් සිදු වූයේ ඊයේ (11) රාත්‍රියේදීයි.

මේ අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත්, අනතුරට ලක්වූ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සමඟ කුඩා බිළිඳකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

අන්තරාදායක රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම යන ‍චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...