AI තාක්ෂණය පිළිබඳව පුහුණු වැඩමුළුවක් රාජ්‍ය නිලධාරීන්ට

Date:

රාජ්‍ය නිලධාරීන් අතර කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති “AI for Transforming Public Service” පුහුණු වැඩමුළුවක් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පැවත්වා තිබේ.

ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය තුළින් රාජ්‍ය අංශයේ නව්‍යකරණය සහ ප්‍රතිසංස්කරණය, මහජන සේවා කාර්යක්ෂම කිරීම, නව විදේශ පුහුණු අවස්ථා සදහා යොමු කිරීම, ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති සදහා සූදානම් කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ සාක්ෂරතාව වැඩිදියුණු කිරීම, දියුණු ලෝකයට සරිලන නිලධාරියෙකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහු සම්පත් දායකයෝ ලෙස එක්වූහ.

වැඩසටහන අවසානයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වටිනා සහතිකපත් ප්‍රදානයක්ද සිදුකෙරිණ.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් යන මහත්ම මහත්මීහු, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල විධායක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...