ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රවල 2026 පූර්ව අයවැය සාකච්ඡා.

Date:

ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිශ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (18) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිශ්පාදන ක්ෂේත්‍රයේ පූර්ණ සහාය ලබා දෙන බව ඔවුහු මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළහ.

ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිශ්පාදන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඉදිරි අයවැය සඳහා ඵලදායි යෝජනා කිහිපයක්ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබීය.

ඉදිරි අයවැය සකස් කිරීමේදී එම සියලු යෝජනා පිළිබඳව අවධානය යොමු කරන බවත්, ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක භාණ්ඩ නිශ්පාදනය කිරිම සඳහා අවශ්‍ය නම් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරු, මුදල් අමාත්‍යාංශ නිලධාරීහු සහ ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිශ්පාදන ක්ෂේත්‍රවල නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...