බිමල්ගේ අන්තිම වෝර්නින් එක.කරුණාකරලා අස්වෙලා යන්න, ප්ලීස්…

Date:

දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල වෙන ඔක්කොටම කියන්නේ, සර්විස් එක දෙන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

“මම මේ නැවත කියන්නේ. කරුණාකරලා, ඔබතුමාට මුළු දෙපාර්තමේන්තුව ගැන නෙමෙයි මේ කියන්නේ. ඔයාට බාරදිපු ඒරියා එකක් තියෙනවානේ. ඒකෙ ප්‍රධාන ඔෆිස් දුමිරිය යනවා ගාල්ලේ ඉදලා කොළඹට.

ඒවගෙ, මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ සර්විස් එකක් කරන්නම ඕනි. හරිද.. ඔයා මොනාද කරන්න යන දේ කොටස් තමා මං කියන්නේ. වොෂ්රූම්, ජනෙල්, විදුලි පංකා. ඒකෙන් ඔයා මොනවද කරගන්නේ කියන එක ඔයා මට දවස් තුනකින් කියන්න.

මගෙ නම්බර් එක ඉල්ල ගන්න. ඔයා මට වට්සැප් කරන්න. කවුරුත් හරහා ඔන්නෑ. එනිසා දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල වෙන ඔක්කොටම කියන්නේ, සර්විස් එක දෙන්න බැරීනම් යන්න. ඇත්තටම, කරුණාකරලා අස්වෙලා යන්න, ප්ලීස්.

මම මිනිස්සුන්ට අඬනවා මේකේ, මම මිනිස්සුන්ගෙන් සමාව ගන්න එකේ සීමාවක් නෑ. දුම්රිය ගැන. මොකක්ද කරන්නේ.? ඕගොල්ලන්ගේ ඥාති ඔක්කොම යන්නේ මර්සිඩීස්වලද.? දුම්රියේ ලොක්කගෙ දරුවෝ, නෝනලා, කවුරුවත්ම යන්නේ නැද්ද කෝච්චියේ.?

ඒගොල්ලෝ මර්සිඩීස්වලද යන්නේ.? එනිසා කරුණාකරලා මේක සීරියස් ගන්න, නැත්නම් යන්න. ජනාධිපතිතුමාත් කිව්වා, ඉන්න බැරීනම්, කරන්න බැරිනම් ප්ලීස් යන්න. මේ අන්තිම වෝර්නින් එක. තිත්තවෙලා තියෙන්නේ ඇත්තටම.”අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...