ඕස්ට්‍රෙලියාව බරපතළ අවදානමක.

Date:

2050 වසර වන විට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ඕස්ට්‍රෙලියානු ජාතිකයින් මිලියන 1.5කට මුහුදු මට්ටම ඉහළ යාමේ හේතුවෙන් අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බව එරට දේශගුණික වාර්තාවක් උපුටා දක්වා තිබේ.

ඒ අනුව ඕස්ට්‍රෙලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකි බව අදාළ වර්තාව මගින් පුරෝකතනය කර ඇත.

එරට දේශගුණික විපර්යාස අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසන්නේ දැනටමත් ඕස්ට්‍රෙලියානු ජාතිකයින් අදාළ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දී සිටින බවය.

මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට ළගා වී ඇති අතර එය සෙල්සියස් අංශක 3 වුවහොත් උෂ්ණත්වය හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව සියයට 400ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවද අදාළ වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...