සීනි ආනයනයෙන් වාර්තාවක්.. 

Date:

මෙම වර්ෂයේ (2025) මුල් මාස හයේ දී මෙරටට සීනි මෙට්‍රික්ටොන් තුන්ලක්ෂ හතලිස්තූන් දහස් හාරසිය දාසයක් (343,416) ආනයනය කර ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ (2024) මුල් මාස හයේ දී මෙරටට ආනයනය කර ඇත්තේ සීනි මෙට්‍රික්ටොන් දෙලක්ෂ විසිතුන් දහස් එකසිය හතලිස් හතරකි.ඒ අනුව ඉකුත් වර්ෂයේ මුල් මාස හයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස හයේ දී සීනි මෙට්‍රික්ටොන් එක්ලක්ෂ විසිදහස් දෙසිය හැත්තෑ දෙකක ප්‍රමාණයක් වැඩිපුර ආනයනය කර ඇත.

සීනි නිෂ්පාදනය ද මෙම වර්ෂයේ මුල් මාස හයේ දී මෙට්‍රික්ටොන් 26,792 දක්වා පහත වැටී ඇත. ඉකුත් වර්ෂයේ මුල්මාස හයේ දී මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 42,605කි.
මෙම දත්ත අනුව ඉකුත් වර්ෂයේ මුල් මාස හයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස හයේ දී මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 15,813කින් අඩු වී තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...