සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට නව නීති

Date:

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණයකර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ මෙම තීරණය ප්‍රධාන සාධක හයක් මත පදනම්ව ගෙන ඇති බවත් කිලෝමීටර 100ට වැඩි දුරක් ගමන් කරන වාහන සඳහා පිටත්වීමට පෙර මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්‍ය බවයි.

දුර ගමන් සේවා බස් ‍රථ මෙන්ම විනෝද චාරිකා,. විශේෂ චාරිකා සඳහා යන බස්‍ රථ සහ මගීන් 10ක් 20ක් පමණ රැගෙන යන වෑන් රථ සඳහාද මෙම යෝග්‍යතා සහතිකය අනිවාර්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පරික්ෂාව සඳහා ටයර්, දර්පණ සහ තිරිංග වැනි අත්‍යවශ්‍ය පරීක්ෂා කිරීම් ඇතුළත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...