විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

Date:

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත වැඩම කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන අමාත්‍යංශය විසින් විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත සාකච්ඡාවක් ලබාදී ඇති අතර, නියෝජිත භික්ෂූන් වහන්සේලා සිව්නමක් ඊට සහභාගී වී ඇත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ පසුගිය 10වනදා මහනුවර දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි.

එම පා ගමනට එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර, ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධයෙන් රජයෙන් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබිය යුතු බව ප්‍රකාශ කළහ.

ඒ අනුව, රාත්‍රිය ද එම ස්ථානයේ ගත කරමින් ගාලු පාර ආසන්නයේ තාවකාලික අට්ටාල ඉදිකර ගනිමින් සත්‍යග්‍රහයේ නිරත වීමට උන්වහන්සේලා ඇතුළු පිරිස පියවර ගත්හ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අධි ආරක්ෂිත කලාපයක් වන බැවින් එහි ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.

එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළේය.

පසුව පොලිසිය විසින් එම අධිකරණ නියෝගය විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත කියවා භාරදීමට කටයුතු කරන ලදී.

කෙසේවෙතත් අධිකරණ නියෝගය ලැබීමත් සමඟම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කිරීමට සත්‍යග්‍රහයේ නිරත වූ පිරිස කටයුතු කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...