මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රසිද්ධියට පත් කාවන්තිස්ස ඇතා සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්රදේශයක පිහිටි කුඹුරක ඇදවැටී සිටියදී අද (16) පෙරවරුවේ සොයාගෙන තිබේ.
ඊයේ දිනයේදී වනජීවී නිලධාරීන් විසින් ප්රතිකාර ලබාදුන් ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව ඇතා මෙලෙස ඇද වැටී තිබේ.
මේ වන විට සතුන්ගේ සෞඛ්ය තත්ත්වය අයහපත් මට්ටමක පවතින බව ප්රදේශවාසීහු පවසති.



