මෙරට ආර්ථිකය මන්දගාමී වී පෙර පැවැති මට්ටමට ළඟාවෙලා

Date:

මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2027 වසර වනවිට සියයට 4.2ක් දක්වා මන්දගාමී වන බවට පුරෝකතනය කර ඇතැයි ලෝක බැංකුව ඊයේ (6 වැනිදා) නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකියයුතු සන්ධිස්ථානයකට ළඟාවී ආර්ථික අර්බුදයට පෙර පැවැති මට්ටම් කරා ළඟා වී ඇති බවයි. එහෙත් යථා තත්ත්වයට පත්වීම අසම්පූර්ණ හා අසමාන මට්ටමක පවතින බවත් ගෘහස්ථ ආදායම් හා ශ්‍රම වෙළෙඳපොළ තවමත් පසුගාමී බව ලෝක බැංකු සමූහය පෙන්වා දී ඇත.

ශක්තිමත් කර්මාන්ත ක්‍රියාකාරීත්වය හා සේවා අංශයේ ස්ථාවර වර්ධනය හේතුවෙන් මීට ඉහතදී කර තිබූ පුරෝකතනයන් ඉක්මවා යමින් මෙම වර්ෂයේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.4කින් වර්ධනය වනු ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත් ඵලදායිතාව දුර්වල වීම හේතුවෙන් 2027 වසර වනවිට එම අගය සියයට 4.2 දක්වා මන්දගාමී වනු ඇති බවට පුරෝකතනය කර ඇත.

මෑත මාසවලදී උද්ධමනය ඉහළ ගොස් ඇති බවත් එය ඉහළ යන බලශක්ති සහ ආහාර මිල ගණන් හේතුවෙන් දරිද්‍රතාවය අර්බුදයට පෙර පැවැති මට්ටම්වලට වඩා 16.9% ක් ලෙස පවතින බවද ලෝක බැංකුව සිය වාර්තාවේ සඳහන් කර ඇත.

මෙරට යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජයේ වියදම් ඉවත් කර වඩා හොඳ යටිතල පහසුකම්, ආයෝජන සඳහා ස්ථාවර පරිසරයක් සහ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රවලට පෞද්ගලික අංශයේ සහභාගීත්වය වැඩිකිරීම මගින් පෞද්ගලික ආයෝජන, අපනයන හා ඵලදායිතා වර්ධනය කළ යුතු බව ද පෙන්වා දී ඇත.

ආර්ථික වර්ධනය, දරිද්‍රතාව අඩු කිරීම වෙනුවෙන් කෘෂි ව්‍යාපාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් කුඩා වතු හිමියන් සහ ග්‍රාමීය ප්‍රජාවන් සඳහා අවස්ථා පුළුල් කළ හැකි බවත් වාර්තාව මගින් පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...