ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

Date:

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පෞද්ගලික කරුණු මත ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, මෙම ඉල්ලා අස්වීම ජනාධිපති විසින් පිළිගෙන ඇති අතර, ඒ අනුව ජාතික ඉරාන තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් බොවාර්ඩ් මහතා වැඩබලන තෙල් අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

2024 අගෝස්තු මාසයේ සිට අමාත්‍ය ධුරයේ කටයුතු කළ මොහ්සෙන් පක්නෙජාද් මහතා මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය වාතාවරණය හමුවේ එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇති පසුබිමකය.

පක්නෙජාද් මහතා මීට පෙර සිටම ඉල්ලා අස්වීමට අවසර ඉල්ලා සිට ඇති අතර, ඔහුගේ දැඩි ඉල්ලීම මත ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවද සඳහන් වේ.

ඉල්ලා අස්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය විසින් අලෙවි කරන ලද තෙල් සඳහා වන ආදායම තවදුරටත් ලැබෙමින් පවතින බවත්, ඉදිරියටත් එය එසේම සිදුවනු ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...