ආසන පටි නීතිය කඩ කළ 2000 පිරිසකට දඩ

Date:

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කඩ කළ දෙදහසකට ආසන්න පිරිසකට දඩ නියම කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

පසුගිය 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහනවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි.

ඒ අනුව පසුගිය 19 වැනිදා සිට මේ දක්වා කාලයේදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී වාහනවල ආසන පටි තිබියදී එය නොපැලඳ අධිවේගී මාර්ගවල ගමන්ගත් මගීන් දහසකට පමණ එලෙස දඩ නියම කර ඇත.

අධිවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය විසින් අධිවේගී මාර්ගයන්ට ඇතුළු වන ස්ථාන සහ පිටතට පැමිණෙන ස්ථානයේදී සියලුම වාහන පරීක්ෂා කරන අතර ආසන පටි සවි කර නොමැති කිසිදු වාහනයකට අධිවේගී මාර්ගයට ඇතුළු වීමට අවස්ථාව හිමි නොවන බවද පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...