රේගුව සැප්තැම්බර් ආදායම් ඉලක්කයත් අභිබවා යයි

Date:

සැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමටත් පෙර සපුරා ඉලක්කය අභිබවා ආදායම් රැස් කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.

ඒ අනුව, සැප්තැම්බර් මාසය සඳහා රේගුවට ලබාදී තිබූ රුපියල් මිලියන 195,596ක ආදායම් ඉලක්කය ඊයේ (22) වනවිට සපුරා ගනිමින් රුපියල් මිලියන 199,348ක ආදායමක් රැස්කරගෙන ඇත.

මේ වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට නියම කර ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206.995කි.

ඊයේ වනවිට රේගුව විසින් රුපියල් බිලියන 2,058.033ක සමස්ත ආදායමක් වාර්තා කිරීමටද සමත්ව තිබේ.

මේ අතර, පසුගිය 2025 වසරේදීද ශ්‍රී ලංකා රේගුව සිය ආදායම් ඉලක්ක අභිබවා යමින් රුපියල් බිලියන 2,557.535ක ඉහළ ආදායමක් වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...