එන්ජින් හිඟයක් හේතුවෙන් දුම්රිය ගමන්වාර 04ක් අවලංගුයි

Date:

දුම්රිය බලවේග කට්ටලයක් හා එන්ජිමක් නොමැති වීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ගමන් වාර දෙකක් හා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් ඇතුළු දුම්රිය ගමන්වාර 04ක් අවලංගු කර තිබේ.

ඒ අනුව ඊයේ (31 වැනිදා) සහ අද (01 වැනිදා) පස්වරු 04.00ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන දුම්රිය සහ පෙරවරු 05.55ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙක ඒ සඳහා යෙදවීමට බලවේග කට්ටලයක් නොමැති වීම හේතුවෙන් දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර ඇත.

ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පාර්සල් ප්‍රවාහනය කළ දුම්රියට යෙදවීම සඳහා දුම්රිය එන්ජිමක් නොමැතිවීම හේතුවෙන් ඊයේ (31 වැනිදා) එම දුම්රිය ගමන් වාර දෙකත් අවලංගු කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වන විට දිගින් දිගටම දුම්රිය ගමන් වාර අවලංගුවීම් වාර්තාවීම හා දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් පවතින අතර මේ හරහා මගී ජනතාව දිගින් දිගටම පීඩාවට ලක්වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...