බිත්තර මිල ඉහළට

Date:

නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා බිත්තරයක් ඉදිරියේදී රුපියල් 50 ක් දක්වා ඉහළ යනු ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් කියා සිටිති.

මේ දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල බිත්තරයක සිල්ලර මිල රුපියල් 47 ත් 48 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.

බඩ ඉරිඟු ආනයනය සඳහා ලබාදී තිබූ බලපත්‍ර අවලංගු කිරීම නිසා සත්ත්ව ආහාර සඳහා බඩ ඉරිඟු සපයා ගැනීම අර්බුදයක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසීය.

සත්ත්ව ආහාර මිල ගණන්ද මේ වනවිට සියයට 10 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවද ඔහු පැවසුවේය.

මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 95 ක් පමණ වූවත්, මේ වනවිට දෛනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 70 ක් දක්වා අඩුවී ඇතැයිද ඔහු කීවේය.

පවතින කාලගුණික තත්ත්වය අනුවද බිත්තර නිෂ්පාදනය අඩුවන බවද සභාපතිවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට අයත් කොළඹ බංගලා 7ක් බදු දීමට සැලසුම්

කොළඹ රජයේ බංගලා හතක් ආර්ථික වශයෙන් උපයෝගී කර ගැනීම...

හෝමූස් වැසීමෙන් ශ්‍රී ලංකාවට වාසියක්

මැදපෙරදිග ඇවිළී ඇති යුධ ගැටුම හේතුවෙන් වසා දමා ඇති...

මුහුදු ප්‍රදේශවල රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්

පුත්තලම සිට ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා...

ඩෙංගු මර්දන රාජකාරී වලින් PHIලා ඉවත්වෙයි

අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී...