කිරිවෙහෙර අභියසදී කතරගම පෙරහර මංගල්‍යයේ පිං අනුමෝදනාව සිදුකෙරේ

Date:

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය සාර්ථකව අවසන් වීමත් සමඟ, ඓතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ අෂ්ඨඵල බෝධීන් වහන්සේ අභියස විශේෂ පිංකමක් සහ ආගමික වතාවත් සිදුකරන ලදී.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, හම්බන්තොට දිස්ත්‍රික් සඝ සමුළුවේ හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, හෙළ බොදු බල එකමතුවේ ගරු සභාපති, කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම පිංකම පැවැත්විණි.

මෙහිදී උන්වහන්සේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ අෂ්ඨඵල රුහ බෝධින් වහන්සේ වෙත ගොස් වැඳ නමස්කාර කර, වාර්ෂික ඇසළ මංගල්‍යය සාර්ථක කරගැනීමට ආශීර්වාද කළ කතරගම දෙවිඳුන් ඇතුළු දෙවියන්ට මෙහිදී පිං අනුමෝදන් කරන ලදී.

මෙම පූජනීය අවස්ථාව සඳහා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ගිහි භාරකාර ශෂික බඹරැන්ද මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ස්වර්ණවාහිනී නාලිකා සමූහ ජාලයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුසාර දිනාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට අයත් කොළඹ බංගලා 7ක් බදු දීමට සැලසුම්

කොළඹ රජයේ බංගලා හතක් ආර්ථික වශයෙන් උපයෝගී කර ගැනීම...

හෝමූස් වැසීමෙන් ශ්‍රී ලංකාවට වාසියක්

මැදපෙරදිග ඇවිළී ඇති යුධ ගැටුම හේතුවෙන් වසා දමා ඇති...

මුහුදු ප්‍රදේශවල රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්

පුත්තලම සිට ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා...

ඩෙංගු මර්දන රාජකාරී වලින් PHIලා ඉවත්වෙයි

අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී...