රට හැරගිය පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළට

Date:

2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 212,302 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මෙම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, මෙම කාලය තුළදී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 130,252 කි. මෙම මාස 8 ක කාලය තුළදී කාන්තා ශ්‍රමිකයින් 82,050 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සදහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 53,159 කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රමිකයින් 41,180 දෙනෙකුද, කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 30,263 දෙනෙකුද මෙම කාලය තුළදී පිටත්ව ගොස් තිබේ.සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලින් බැහැරට යමින් නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට ඇතිවී තිබේ. ඒ අනුව ජපානයට ශ්‍රමිකයින් 8,015 කුද, දකුණු කොරියාවට 4,324 කු ද රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රි ලාංකිකයින් 2025 වසරේ මුල් මාස 8 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 5.11 ක ප්‍රේෂණ මෙරටට එවා ඇත. 2024 වසරේ මුල් මාස 8 තුල විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.28 ක් වන අතර, ඊට සාපේක්ෂව 2025 වසරේදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සියයට 19.30 න් ඉහළ ගොස් තිබේ. එසේම 2025 වසරේ අගෝස්තු මාසය තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 680.80 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇත. 2025 වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 7 ක විදේශීය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශ්වාසය පළකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...