උප දුම්රිය ස්ථාන දෙකක් තාවකාලිකව වැසෙයි

Date:

පුත්තලම් මාර්ගයේ බංගදෙණිය හා මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානයේ සේවය කල උප දුම්රිය ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වීම මත එම දුම්රිය ස්ථානය ඊයේ (14 වැනිදා) සිට තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙයට අමතරව මගී ජනතාව අධික ලෙස දුම්රිය භාවිතා කරනු ලබන මුහුදුබඩ මාර්ගයේ ආඳදොල දුම්රිය ස්ථානය මාස 11 ක කාලයක සිට හා අකුරළ දුම්රිය ස්ථානය මාස 09 ක කාලයක සිට වසා දමා ඇත.

මෙසේ මෙම දුම්රිය ස්ථාන වසා දැමීම මත එම දුම්රිය ස්ථානයෙන් මගී ජනතාව වෙත ප්‍රවේශපත් ලබා ගැනීම, වාර ප්‍රවේශපත් ලබා ගැනිම මෙන්ම , දුම්රිය සම්බන්දයෙන් තොරතුරු හා දුම්රිය ප්‍රමාදය සම්බන්දයෙන් තොරතුරු දැන ගැනීමට නොහකි වන අතර දුම්රියන් එම දුම්රිය ස්ථාන වල නවත්ව ධාවනය කරන අතර එහිදී දුම්රිය වෙත ගොඩ ඇතුළු වෙන එම මගීන් වෙනත් දුම්රිය ස්ථානයකදී ප්‍රවේශපත් ලබා ගත යුතුය. තවද රාත්‍රී කාලයේ එම උප දුම්රිය ස්ථාන වල විදුලි ආලෝකය නොමැති වීමේ දුෂ්කරතාවන්ට ද ඒ මගී ජනතාවට විඳීමට සිදුවේ.

මෙම දුම්රිය ස්ථාන වසා දැමීම හරහා එම ස්ථානවලින් සේවය ලබා ගත් ජනතාවට දැඩි අපහාසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර මේ උප දුම්රිය ස්ථාන සඳහා සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදවා මෙම උප දුම්රිය ස්ථාන විවෘත කොට සේවය සැපයීමට නීත්‍යනුකූල ක්‍රමවේදක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අතර වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් සමස්ථ දුම්රිය සේවකයන්ගේ අතිකාල ගෙවීම් කප්පාදුවට ලක් කිරීමට කටයුතු සැලසුම් කිරීම මත එසේ එම දුම්රිය ස්ථාන සඳහා සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යෙදවීමට නොහැකිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...