වැටලීමකදී දිවි පිදූ STF නිලධාරියාට උසස්වීමක්

Date:

නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් 67763 ඩී.ජී. රණසිංහ නිලධාරියා, උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා ඉහළ නංවමින් පශ්චාත් උසස්වීම් පිරිනැමීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

රාජකාරියක් ඉටු කිරීමට යාමේදී මුහුණ දුන් අනතුරකින් මියගිය මෙම වීරෝදාර නිලධාරියා වෙනුවෙන්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයන්ට අනුකූලව මෙම පශ්චාත් උසස්වීම් ලබා දී ඇත.

ඒ අනුව, මෙම උසස්වීම් නියෝගය 2026 ජූලි මස 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.

විශේෂ කාර්ය බලකායේ කන්තලේ කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් ඩී.ජී. රණසිංහ මහතා, කින්නියා පොලිස් වසමේ මුලුක්කුසෙට්ටි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීමකට එක්ව සිටියේය.

එහිදී සැකකරුවන් ලුහුබැඳ යාමේදී මහවැලි ගඟේ ප්‍රචණ්ඩ ජල පහරට හසුවීමෙන් අනතුරට ලක්වූ ඒ මහතා, පසුගිය 12 වනදා ජීවිතක්ෂයට පත් විය.

රටේ නීතිය හා සාමය සුරැකීම වෙනුවෙන් සහ පරිසර විනාශය වළක්වනු පිණිස සිය ජීවිතය පරදුවට තබා රාජකාරිය ඉටුකළ මෙම නිලධාරියාගේ අකල් මරණය වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ උපහාරය පුද කරමින් මෙම විශේෂ පශ්චාත් උසස්වීම් නියෝගය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...