නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇඹිලිපිටියට පැය 13ක ජල කප්පාදුවක්

Date:

මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලට හෙට (19) සිකුරාදා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඇඹිලිපිටිය ජල සම්පාදන ක්‍රමයට අදාළව හුලංදුව පාලම අසල සිදු කිරීමට නියමිත ජල නළ එළීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට එදින රාත්‍රී 10.00 දක්වා අදාළ ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව නතර කෙරෙනු ඇත.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය කණගාටුව පළ කරන අතර, එම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ අංක එකට පේරාදෙණිය සරසවිය පත්වෙයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය...

එල් නිනෝ බලපෑම දිවයිනේ දිස්ත්‍රික්ක 7කට

එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව...

රජයට අයත් කොළඹ බංගලා 7ක් බදු දීමට සැලසුම්

කොළඹ රජයේ බංගලා හතක් ආර්ථික වශයෙන් උපයෝගී කර ගැනීම...

හෝමූස් වැසීමෙන් ශ්‍රී ලංකාවට වාසියක්

මැදපෙරදිග ඇවිළී ඇති යුධ ගැටුම හේතුවෙන් වසා දමා ඇති...