ඉන්දියාවෙන් මෙරට යුද්ධ හමුදාවට පරිත්‍යාගයක්

Date:

ඉන්දීය රජය විසින් මෙරට යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද හමුදා උපකරණ සහ වෛද්‍ය උපකරණ තොගයක් නිල වශයෙන් භාරදීමේ උත්සවය ඊයේ (16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

ඉන්දීය රජයේ ආධාර වැඩසටහන යටතේ මෙරටට පිරිනැමුණු, අමෙරිකානු ඩොලර් මිලියන 5කට අධික වටිනා කමකින් යුත් මෙම හමුදා උපකරණ තොගය සහ හදිසි අනතුරු හා කම්පන සත්කාරක පද්ධතිය, මෙරට ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා විසින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) වෙත නිල වශයෙන් භාර දී ඇති අතර, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගු ද එම අවස්ථාවට එක්වීය.

මේ අතර, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sharda’ නෞකාව පසුගිය ජූනි 10 සිට 13 දක්වා මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, එම සංචාරයේදී හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වල නිරත මෙරට යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ඉන්දීය යුද්ධ හමුදාවෙන් ලැබුණු උපකරන තොගය ද දිවයිනට රැගෙන එන ලදී.

මෙම අවස්ථාවට එක් වෙමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ, ඉන්දීය යුද්ධ හමුදාවේ මෙහෙයුම් සඳහා පවතින හමුදා උපකරණ තොගයන්ගෙන් මෙම උපකරණ සැපයීම දෙරටේ හමුදාවන් අතර පවතින ශක්තිමත් සහ නොබිඳුණු සබඳතාවයට කදිම සාක්ෂියක් බවයි.

මේ අතර, ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා වසර ගණනාවක් පුරා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, එය හුදු පුහුණු සහයෝගීතාව සහ මානුෂීය ආධාරවලින් ඔබ්බට ගොස් ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ හමුදා උපකරණ හා පුහුණු ආධාරක සැපයීම දක්වා පුළුල් වී ඇති බව ද සඳහන් කළේය.

තවද දෙරට අතර ආරක්ෂක සබඳතා වසර ගණනාවක් පුරා ස්ථාවර හා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන් සමීප වෘත්තීයමය සබඳතාවක් පවත්වාගෙන යන බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාව සහ ඉරාන සාකච්ඡා බිඳවැටේ

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට...

නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇඹිලිපිටියට පැය 13ක ජල කප්පාදුවක්

මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලට හෙට (19)...

නාවික සහ ධීවර ප්‍රජාවන්ට වවාදාත්මක නිවේදනයක්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ...

ආහාර කිහිපයක් පාසල් ආපනශාලාවලට තහනම් වෙයි

මෙරට පාසල් දරුවන්ගෙන් සියයට විස්සක (20%) පමණ පිරිසක් මන්දපෝෂණයෙන්...