අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

Date:

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

සෙසු ප්‍රදේශවල පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇඹිලිපිටියට පැය 13ක ජල කප්පාදුවක්

මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලට හෙට (19)...

නාවික සහ ධීවර ප්‍රජාවන්ට වවාදාත්මක නිවේදනයක්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ...

ආහාර කිහිපයක් පාසල් ආපනශාලාවලට තහනම් වෙයි

මෙරට පාසල් දරුවන්ගෙන් සියයට විස්සක (20%) පමණ පිරිසක් මන්දපෝෂණයෙන්...

ඩෙංගු අධි අවදානම් තත්වයක්

මෙම වසරේ ඩෙංගු රෝග ව්‍යාප්තිය අධිවසංගතයක් දක්වා යාමේ අවදානමක්...