බස් ගාස්තු ඉහළ යන ලකුණු

Date:

ඩීසල් මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

කෙසේවෙතත් එහිදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා බස් සංගම් නියෝජිතයින්ට පවසා තිබුණේ මෙම කරුණ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග කඩිනමින් සාකච්ඡාවක් ලබාදෙන බවය.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මස 3 වැනිදා රුපියල් 10කිනුත්, මැයි 30 වැනිදා රුපියල් 15කිනුත් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ඉහළ දමනු ලැබීය.

පෞද්ගලික බස් සංගම් පවසන්නේ මසක් තුළ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ යාම හමුවේ සිය කර්මාන්තය කරගෙන යාම දැඩි දුෂ්කර කාර්යයක් වී ඇති බවය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් බස් සංගම් කිහිපයක් පසුගිය දෙවැනිදා සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව 5%ක අන්තර්වාර බස් ගාස්තු වැඩිවීමක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

එවන් පසුබිමක, පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් සාකච්ඡාවක් සඳහා අද පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශයට පැමිණි අතර, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා එම පිරිස සමග සාකච්ඡාවක නිරත වුණි.

මිනිත්තු 15කට ආසන්න කාලයක් සාකච්ඡාවේ නිරත වූ පිරිස පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න,

“අමාත්‍යවරයෙක් පත් වුණාම එයත් දැනගන්න ඕනේ මේක ඉගෙන ගන්න. එළියට ඇවිල්ලා දන්නැති මගුල් කතා කරලා හරියන්නේ නැහැ. අපි බලනවා හෙට දිනයේ සාකච්ඡාවක් දෙයිද කියලා. මේක නිවැරදි කරගන්න ඕනේ. අපි හෙට ඇමති සමග මේකේ දෙකෙන් එකක් බේරගන්නවා. එහෙම නැති වුණොත් ලබන සතියේ අපි අවශ්‍ය තීන්දු ගන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තද සුළං හේතුවෙන් මුහුදු රළු වෙයි – අවවාදාත්මක නිවේදනයක්

මෙම අනතුරු ඇඟවීම අද (04) පෙරවරු 10.30 සිට හෙට...

කොරෝනාවෙන් පසු මෙරට දරු උපත් අඩකින් අඩුවෙලා

කොරෝනා (කොවිඩ් - 19) වයිරසය පැතිර යෑමට පෙරාතුව වසරකට...

අවුරුදු 5ට අඩු මෙරට දරුවන්​ගෙන් 1/5කට මන්දපෝෂණය

වයස අවුරුදු පහට අඩු ශ්‍රී ලංකා​වේ දරුවන්​ගෙන් ප​​හෙන් එකක්...

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...