කොරෝනාවෙන් පසු මෙරට දරු උපත් අඩකින් අඩුවෙලා

Date:

කොරෝනා (කොවිඩ් – 19) වයිරසය පැතිර යෑමට පෙරාතුව වසරකට ශ්‍රී ලංකාවේ දරු උපත් ලක්ෂ හතරක් සිදු වුවද, මේ වන විට වාර්ෂික දරු උපත් ප්‍රමාණය දෙලක්ෂ විසිදහස දක්වා අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත මගින් තහවුරු වී ඇත. මේ අතර කොරෝනා වසංගතයට පෙර මෙරට වාර්ෂික දරු උපත් ලක්ෂ හතරක් සිදු වීමට මේ වන විට එය දෙලක්ෂ විසිදහසකට අඩුවීමට නිශ්චිතවම හේතුව කුමක්දැයි පැහැදිලිව කිව නොහැකි බවද වෛද්‍යවරු පවසති.

එහෙත් දැනට පෙනී යන කාරණාවලට අනුව විවාහ වීමේ වයස පහුවීම, පවුලක දරුවන් සංඛ්‍යාව එක් අයකුට, දෙදෙනකුට සීමා කිරීම සහ තරුණ යුවළවල විදේශ ගත වීම ආදිය ඉහළ යාම වැනි කාරණා මීට හේතු වී ඇතැයි ද වෛද්‍යවරු සඳහන් කරති.

කොරෝනා වසංගතයට පෙර මෙරට වූ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව ලක්ෂ හතරක් වූ බවත්, එම දරුවන්ගෙන් මුගුරුපාද සහිත දරුවන් 400 ක් වාර්තා වූ බව ලෝක මුගුරු පාද දිනය නිමිත්තෙන් ඊයේ (03 වැනිදා) කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි විය. මේ වන විට වාර්ෂික උපත් සංඛ්‍යාව දෙලක්ෂ විසිදහසකට අඩු වීම හේතුවෙන් මුගුරුපාද රෝගී දරුවන් ඉපදීමද වාර්ෂිකව 220 ක් පමණ දක්වා අඩු වී ඇතැයිද විකලාංග විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසිංහ එහිදී සඳහන් කළේය. ඉන් දරුවන් 110 දෙනකුටම පාද දෙකේම මුගුරු ආබාධ පවතින බවද ඔහු සඳහන් කළේය.

තවද මුගුරු පාද ආබාධ නිට්ටාවට සුව කළ හැකි දෙයක් බවත්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මහනුවර ජාතික රෝහල, යාපනය, කුරුණෑගල, පේරාදෙණිය සහ වව්නියාව ඇතුළු රෝහල් අටක ඊට අදාළ ප්‍රතිකාර සිදුවන බවද මහාචාර්යවරයා කියා සිටියේය.

මෙරට වසරකදී ඉපදෙන දරුවන්ගෙන් 4000 ක්-5000 ක් පමණ විවිධ උපත් ආබාධ සහිතව උපදින බවත්, ළදරු මරණවලින් සියයට හතළිහක (40%) සිදු වන්නේ මෙම ආබාධ හේතුවෙන් යැයි මාධ්‍ය හමුවට එක් වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය කපිල ජයරත්න සඳහන් කළේය.

මුගුරුපාද සහිතව ඉපදෙන දරුවන් උපදින මොහොතේම වෛද්‍යවරු විසින් රෝගය හඳුනා ගන්නා බවද නිසි ප්‍රතිකාර ලබා දීමෙන් පසු වසර හතරකදී එම රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවද ඔහු සඳහන් කළේය. රජයේ රෝහල් මගින් නොමිලේම මෙම ප්‍රතිකාර කරන බවද එහිදී සඳහන් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...