පොලිස් සැරයන්වරියකට කඩුවක් පෙන්වා රන්මාලය පැහැරගෙන

Date:

රාජකාරිය සඳහා වාර්තා කිරීමට බස් නැවතුම්පොළේ රැඳී සිටි විනය හා කල් ක්‍රියා කොට්ඨාශයට අනුයුක්ත කාන්තා පොලිස් සැරයන්වරියකගේ රන්මාලයක්, කඩුවක් පෙන්වා මරණ තර්ජනය කර කොල්ලකා ඇති බව කොස්ගම පොලිසිය පවසයි.

ඊයේ (14) දින ඇය සිය සැමියා සමඟ කොස්ගම, බොල්ලතාව බස් නැවතුම්පොළේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර ඇත.

ඉන් එක් අයෙකු සැරයන්වරියගේ ගෙලට කඩුවක් තබා මරණ තර්ජනය කර ගෙල බැඳි පවුම් භාගයක රන්මාලය පැහැරගෙන පලා ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනා ගැනීමට පියවර ගනිමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...