වැඩි මිලට බෝතල් කළ පානීය ජලය අලෙවි කල හෝටල් දෙකකට දඩ

Date:

මාතර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් දෙකක් විසින් උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් බෝතල් කළ පානීය ජලය අධික මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවන් බවට පත්වූ, එක් හෝටලයකට රුපියල් ලක්ෂ 5 බැගින් සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් නියම කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව ඊයේ (13) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිලි මත මාතර දිස්ත්‍රික් කාර්යාලය සිදුකළ වැටලීම්වලදී, අදාළ සංචාරක හෝටල් දෙක නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.

පරීක්ෂණවලදී ලීටර් 1ක පානීය ජල බෝතලයක් රුපියල් 100ක උපරිම සිල්ලර මිලට නියම කර තිබියදී රුපියල් 450කට අලෙවි කර තිබූ අතර, මිලිලීටර් 500ක ජල බෝතලයක් රුපියල් 70ක නියමිත මිල වෙනුවට රුපියල් 300කට අලෙවි කර තිබූ බව හෙළිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...